Saturday, August 10, 2013

Friday, November 23, 2012

සිත අනන්තයට දුර රැගෙන ගිහින්,
නෙතු පියන් පුර නුඹේ රුවම අඳි,
මුදු සිහිල් පවන් නුඹේ සුවඳ ගෙනත්,
නුඹ මටත් හොරෙන් මගේ සිතම අරන්......,
සඳ මඩලේ සඳ කැන් මැදින් 
නුඹ හැංගුනා මතකයි සැරයක්...,
මුතු වැල් දිගේ දිය රැල් වගේ  
නුඹ දුර ගියා තව එක දිනක්...., 
නිල අඹරේ හද හන්ගමින් 
නුඹ හිනැහුනා මතකයි තවමත්..., 
හද මඩලේ දොරගුල් හරිමින් මම පෙම් කලේ නුඹටයි කවදත්......

Sunday, November 18, 2012

සිහිල් පිනි බිඳු වැටෙන යාමේ                                                                         
වැව් ඉවුරෙ හිඳ        නිසසලේ....
සුලං රැල්ලක සුවය විඳිමින් 
පහස ලැබුවෙමි ඔබේ තුරුලේ....
ගලා යන ගං ඉවුර අසබඩ 
රැඳුනු ආදර             සිහිනයේ....
දිය දහර හා මුසුව නැගෙමින් 
නිවාලන වැහි බිඳු       ලෙසේ.... 
සරින් සියොතුන් සුව රැගෙන එන 
දෑස වසමින් නද           බැඳේ....
රැඳේ ඒ සර තුල යලිත් අප 
වෙන් නොවන බව කිසි ලෙසේ.......

                            - :) -
තරු කැට දහස් ගණන් 
සඳ කැන් අහුරු අරන් 
හිරුට නොපෙනෙන ඉසව්වේ හැංගුවත් 
තරු කැට අතරින් 
පාර හොයාගෙන 
සඳ එලිය කරන, 
හිරු එන බව දනිම් ......
                                  - :-) -

Friday, November 16, 2012

නිමාවක් නැති සසර සමුදුර,
උපනුපන් භව සැරි සරන මග,
හමු වුවත් කොතෙකුත් ඇසුර ලැබ, 
නිවාලනු මා නොහැක ඔබේ හද, 
දිවි ගමන සිත් නෙත් පහන් කල, 
හදට ලං වූ  සොඳුරු සිහිනය, 
වටා සිත් බැඳ පවුරු සදනට, 
නිවනු හැකි වේද මිහිරි මතකය,
එකම අහසක උපන්නත් අද,
ලහිරු ඔබ මා සඳක් වූ සඳ,
සිසිල දෙන්නද බිඳක් හෝ සොමි
මැද වුවත් හද ගිනි නිවන්නට..........
                                                   - :-) -